මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරය නව රජය ගැන තබා ඇති විශ්වාසය රටේත්, ජනතාවගේත් සංවර්ධනයට යොදනවා - ජනපති

    මාර්තු 22, 2015

    කලාපයේ රටවල පමණක් නොව සමස්ත යුරෝපයේ ද සහයෝගය අද ශී‍්‍ර ලංකාවට හිමිව ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එම රටවල් නව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය රටේත්, ජනතාවගේත් සංවර්ධනය උදෙසා උපරිමයෙන් ම යොදා ගන්නා බව පැවසීය.

    පසුගිය රජයට වඩා විශාල සහයෝගයක් නව රජයට අද ජාත්‍යන්තරයෙන් හිමිවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අපේ රට නිසා ලෝකය බෙදුනු යුගය වත්මන් රජය අවසන් කළ බව ද ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොලොන්නරුව මහ රෝහලේ ඉදිකරන ලද නව රුධිර මධ්‍යස්ථානය ඊයේ (21) ජනතා අයිතියට පවරා දෙමිනි.

    පොලොන්නරුව මහ රෝහලට දීර්ඝ කාලයක් පුරා පැවති අඩු පාඩුවක් සපුරාලමින් රුපියල් මිලියන 109 ක් වැය කර අංග සම්පූර්ණ රුධිර මධ්‍යස්ථානයක් ලෙස නිම කර ඇත.

    kpm/Priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya