මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකාවේ සෞඛ්‍යයට ජාත්‍යන්තරයේ විශිෂ්ට පිළිගැනීමක් තිබෙනවා- ජනපති

    මාර්තු 21, 2015
    ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍යයට ජාත්‍යන්තරයේ විශිෂ්ට පිළිගැනීමක්, ගෞවරයක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල ඊයේ (20) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
     
    එදා මෙදා තුර කාලයේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ සෑබෑ ලෙස මිනිස් සේවය ඉටු කළ මේ රටේ මනුෂ්‍ය සංකේතය හා කේන්ද්‍රස්ථානය ජාතික රෝහල වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් මිනිසා වෙනුවෙන් වගකීම් හා යුතුකම් රාජකාරි ලැයිස්තුවට, වැටුපට සිමා නොකළ බව පෙන්වා දුන්නේය.
     
    කිසිදු රටකට නොදෙවැනි නිදහස් සෞඛ්‍ය සේවාවක් තුළ ඉහළ නිලධාරීයාගේ සිට කම්කරුවා දක්වා එදා සිට කැප කිරීම් සිදු  තිබෙන බවත් මෙරට යුද සමයේ මෙන් ම හදිසි ආපදා අවස්ථාවලදී දෛයෝපගත අනුවේදනීය තත්ත්වයන් තුළ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කළ බවත්  ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    අද ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය, විශිෂ්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මෙරට තිබෙන බවත් නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ පොදු මහජනතාව වෙනුවෙන් ලබා දෙන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.
     
    150 වෙනි සංවත්සර සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම, සංවත්සරික මුල්දින කවරය නිකුත් කිරීම හා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව වෙබ් අඩවිය දියත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
     
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමිකයින් සඳහා උපහාර තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya