මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වැනි සංවත්සරය සැමරේ

    මාර්තු 20, 2015

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල අද (20) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර 150 වෙනි සංවත්සර සමරු කලාපය ශ්‍රී ලංකා ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    සංවත්සරික මුල්දින කවරය නිකුත් කිරීම හා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව වෙබ් අඩවිය දියත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

     

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමිකයින් සඳහා උපහාර තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී. දිසානායක මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpmDSC 1489DSC 1558DSC 1593

     

    DSC 1606

    Pix-Yamuni Rashmika

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya