මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන හේතු මත සමෘද්ධිය නොලැබූවන්ට සමෘද්ධි සහනාධාර

    මාර්තු 20, 2015

    දේශපාලන හේතු නිසා සමෘද්ධි සහනාධරය නොලැබූවන්ට සමෘද්ධි සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


    දේශපාලන හේතු නිසා සමෘද්ධි සහනාධරය කපා ඇති බව කී අමාත්‍යවරයා ඒ පිළිබඳව සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කරන බව ද පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවැන්න මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    පසුගිය දශකය තුළ ජ.වි.පෙ හා එ.ජා.ප කියලා සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු කොටසක් ලෙස නම් කළා. ඒ අයට මුද්දර ලබා දෙන්න කටයුතු කරනවා.

    සමෘද්ධි සහනාධාරය සියයට දෙසීයකින් වැඩි කරන බවත් මේ රටේ ජනතාවට ඓතිහාසික පැකේජයක් ලබාදෙන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් ද යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    දිවි නැඟුම දෙපාර්තමේන්තුව එදා සිදු කළේ, ලිත් ගහපු එක. පසුගිය කාලයේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්ට රුපියල් 50,000ක් ණය ලෙස ලබා දුන්නේ, දිවි නැඟම පොඩි මිනිහාගේ සහ සමෘද්ධිලාභීන්ගේ සල්ලි බවද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya