මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජයේ වැඩපිළිවෙළට වියට්නාම ජනාධිපතිතුමා ප‍්‍රසාදය පළ කරනවා - වියට්නාම තානාපතිනිය

    මාර්තු 20, 2015
    ශී‍්‍ර ලංකාවත් - වියට්නාමයත් අතර පවතින අධ්‍යාපන, සංචාරක සහ සමාජයීය සබඳතා ඉදිරියේ දී වඩාත් පුළුල් කර ගැනීමට වියට්නාමය අපේක්ෂා කරන බව ශී‍්‍ර ලංකාවේ සිටින වියට්නාම තානාපතිනි ෆාන් කිව් තු මහත්මිය ප‍්‍රකාශ කළාය.
     
    වියට්නාම තානාපතිනිය ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කළාය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වියට්නාම ජනාධිපතිවරයාගේ සුබපැතුම් පිළිගැන්වූ තානාපතිනිය ශ‍්‍රී ලංකා නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳ වියට්නාම ජනාධිපතිවරයා මහත් පැහැදීමෙන් සිටින බව ද ප‍්‍රකාශ කළාය.
     
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කෘෂිකාර්මික මෙන්ම කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ වියට්නාමය ලබා ඇති ප‍්‍රගතිය ප‍්‍රසංශනීය බවයි. එය ශී‍්‍ර ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවලට මහඟු ආදර්ශයක් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    වියට්නාමයේ නිල සංචාරයක නිරතවන ලෙස ද වියට්නාම රජය වෙනුවෙන් තානාපතිනිය මෙහිදී ජනාධිපතිතුමා වෙත ඇරයුම් කළාය.
     
    මෙම වසර ඉතා කාර්ය බහුල වසරක් වන අතර ලබන වසරේදී ඒ පිළිබඳ සලකා බලන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya