මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නව කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ

    මාර්තු 20, 2015
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ නව කාර්යාලය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. 
     
    අද පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිය ජනාධිපතිතුමා පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රිමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. 
     
    අනතුරුව තරුණ සංවිධාන කාර්යාලය විවෘත කළ අතර තරුණ සංවිධානයට සම්බන්ධ පුස්තකාලය විවෘත කිරීමට ද එක් විය. 
     
    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, පියසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya