මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 120%කින් ඉහළට

    මාර්තු 19, 2015

    එතනෝල් ව්‍යාපාරයට මන්ත්‍රීවරුන් සිව් දෙනකු සම්බන්ධ වී ඇතැයි මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය, විපක්ෂය විසින් හැකි නම් ප්‍රතික්ෂේප කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    දේශපාලනඥයන්ට මින්පසු බලපත් නොදෙන ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, වැඩිපුර බදු පැනවීමට ද කටයුතු යොදන බවත් කීය.

     

    පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,   මන්ත්‍රීවරුන් සිව්දෙනකු ඍජුවම එතනෝල් ව්‍යාපාරයට සම්බන්ධ බවය .

    මෙම මන්ත්‍රීවරුන් බදු නොගෙවා මෙම ව්‍යාපාරයේ යෙදී ඇතැයි පැවසූ මුදල් අමාත්‍යවරයා, පසුගිය ජනවාරි 08 වැනිදායින් පසු එවැනි වංචනික ක්‍රියා නතරවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම සියයට එකසිය විස්සකින් වැඩි වී ඇතැයිද කීය.

    ඒ අනුව රුපියල් බිලියන 4කින් ආදායම වැඩි වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

    මෙය ෆැමිලි ගැහිල්ලක් බව පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya