මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ග ඉදිකිරීම නතර කරන්නේ නැහැ

    මාර්තු 19, 2015

    අධිවේගී මාර්ග ඉදිකිරීම නතර නොකරන බවත් කොළඹ වටරවුම් පාර සම්පූර්ණ කරන බවත් මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩා මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    කොළඹ වටරවුම් පාර අපි සම්පූර්ණ කරනවා. හොරා කාපු, ගසා කාපු අයට එම කොන්ත්‍රාත් දෙන්න සූදානම් නෑ. අධිවේගී මාර්ග නතර කරන්නේ නැහැ. එහෙත් ප්‍රමුඛත්වය අනුවයි කටයුතු කරන්නේ.

    මාතර - හම්බන්තොට දකුණු අධිවේගී මාර්ගයට වඩා උතුරු අධිවේගී මාර්ගය හැදෙන්න ඕනෑ. උතුරු අධිවේගී මාර්ගයේ පළමු කොටස කොන්ත්‍රාත් ලබාදෙන්නෙ, විනිවිද භාවයෙන්, ඕනෑම කෙනෙකුට ඉල්ලන්නට හැකි විදියටයි. උතුරු අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් දීලා තිබුණේ කොම්පැනි පහකට කිසිම තරගකාරී මිල ගණන් කැඳවීමක් නොමැතිව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya