මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නසිරි වික්‍රමනායක පාර්ලිමේන්තුවට පත් වී වසර 55ක් සපිරේ

    මාර්තු 19, 2015
    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයකු ලෙස කටයුතු කළ, ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයකු වන රත්නසිරි වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට පත් වී වසර 55ක් සපිරේ.
     
    රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වෙයි.1960 වර්ෂයේ මාර්තු 19 දින පැවැති මහ මැතිවරණයෙන් හොරණ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
     
    පාර්ලිමේන්තුවට පත් වී වසර 55ක් සැපිරීම වෙනුවෙන් ගෞරවය දැක්වීමේ උත්සවය මාර්තු මස 19 ප.ව. 2.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
     
    මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා සහභාගී වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya