මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධනය අවසන්වූ පසු මහ මැතිවරණය පවත්වනවා - ජනපති

    මාර්තු 19, 2015

    මහජනතාව, විද්වතුන්, දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන සමඟ ඇති කරගන්නා පූර්ණ එකඟතාවයකට අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සිදු කරන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඉදිරි මහමැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

     

    එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ අනෙකුත් සියලූම පක්‍ෂ සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම එහිදී සිය අරමුණු බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කලේය.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (18) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය.

     

    අන්තර්ජාතික වශයෙන් හා රට අභ්‍යන්තරයෙන් පැන නැගී ඇති ප‍්‍රශ්න සැලකිල්ලට ගැනීමේදී ජාතික ආණ්ඩු සංකල්පයට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනවාර්ගික ගැටලුව පිළිබඳ තීන්දු තීරණ ගැනීමටත් අනාගතයේ රටේ යුද්ධයක් ඇති නොවීමටත් ජාතික ආණ්ඩු සංකල්පය විසඳුම බව ද පැවසීය.

     

    මනාප ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන්ම රටට කියූ බව පැවසූ ජනාධිපතිතුමන් කේවල සහ අනුපාත ක‍්‍රමය මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ අදහස මතුව තිබෙන බව ද පෙන්වා දුන්හ.

     

    ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර පිළිබඳ මාධවේදීන් ඇසූ පැනයට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර සිටියේ පක්‍ෂ නායකයිනින්ගේ හිතවත්කම්වලට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර ලබා දීමේ ක‍්‍රමය ඉවත් කොට විශේෂඥයින්ට විද්වතුන්ට අවස්ථාව ලබා දෙන ක‍්‍රමයක් යෝජිත ව්‍යවස්ථාව තුළින්ම සිදුවිය යුතු බවයි. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද්විතීය මෙහෙවරක් කළ ලක්‍ෂමන් කදිරගාමර් මහතා ඊට කදිම උදාහරණයක් බව ද ජනාධිපතිතුමන් පැවසීය.

     

    ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට ආණ්ඩු වෙනස ඉවහල් වූ බව ඉන්දීය හා බි‍්‍රතාන්‍ය සංචාරයේදී ලැබුණ ප‍්‍රතිචාරයෙන් ඉතා පැහැදිලි වන බවත් ජාත්‍යන්තරය නව රජය පිළිබඳ විශාල කැමැත්තකින් හා උනන්දුවකින් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    ඉදිරි මැතිවරණයකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පෙනී සිටින්නේ කුමන පාර්ශව වෙනුවෙන් දැයි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා බැවින් ප‍්‍රතිපත්තියක් සහ දේශපාලන දර්ශනයක් මත පිහිටුවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙහෙවන බවත් ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමට තමන්ට උරදුන් එක්සත් ජාතික පක්‍ෂයට ද කිසි විටෙකත් අකෘතඥ වන්නේ නැතැයි ද පැවසීය.

     

    පසුගිය ජනාධිපතිවරණයේදී නව රජය පිහිටුවීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය විශේෂ ස්තුතිය ද මෙහිදී පළ කළේය.

     

    media.jpg1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya