මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම තව මාස දෙකකින්

    මාර්තු 18, 2015

    මහපොළ ශිෂ්‍යාධාර රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තව මාස දෙකකින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන සිසුන්ට ගෙවන ලබන දීමනාව, වර්තමාන ජීවන වියදම හා සැසඳීමේ දී ප්‍රමාණවත් නොවන නිසා එම දීමනාව රුපියල් දහසකින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය අනුමත කර ඇත.

    භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර එම දීමනා ලබා දීමට කටයුතු කරනවා.භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව හිඟ දීමනා සමඟ මෙම දීමනා ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya