මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම රටක් සමඟ ම සහයෝගයෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් අනුගමනය කරනවා

    මාර්තු 18, 2015

    පසුගිය වසර කිහිපය තුළ එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ පමණක් නොව, ජාත්‍යන්තර සබඳතාවල ද සක්‍රීය දායකත්වයක් නොතිබූ බවත් සෑම රටක් සමඟ ම සහයෝගයෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් වත්මන් ජනාධිපතිතුමා අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීමර මහතා ප්‍රකාශ කරයි.


    එක්සත් ජාතීන්ගේ පනත යටතේ නියෝග විවාදය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    ත්‍රස්තවාදයට එරෙහි නියම යුද්ධය ජයගත හැක්කේ හදවත්වලින්. පවතින ජනවාර්ගික ගැටුම් හමුවේ තමයි මේවා සලකාබැලිය යුත්තේ. අපි නිසි, උචිත අවස්ථාවේ තමයි මෙම නීති සංශෝධනය කරන්නේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හොඳ සාමාජිකයෙක්. පසුගිය වසර කීපය තුළ එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ පමණක් නොව, ජාත්‍යන්තර සබඳතාවල සක්‍රිය දායකත්වයක් තිබුණේ නෑ. සහයෝගිතාව නොදැක්වීමේ පිළිවෙතක් අනුගමය කිරීම නිසා අපිට සංවර්ධනයේ දී උදව් වන රටවල්, අර්බුද අවස්ථාවේදී සහය දෙන රටවල් සමඟ නිසි පරිදි කටයුතු කර තිබුණේ නෑ.

    අපි ජාත්‍යන්තර ප්‍රතිරූපය වර්ධනය කරගන්නට ඕනෑ. පසුගිය රජයේ සමහර අය විසින් ඉතා නරක විවේචන, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට, ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රබල අයට විරුද්ධව ප්‍රකාශ කළා. අපි පරමාධිපත්‍ය රාජ්‍යයක් වශයෙන් කිසිම පීඩනයකින් තොරව එක්සත් ජාතින් සමඟ හා ජාත්‍යන්තරය සමඟ කටයුතු කරනවා. ගෝලීයකරණය හේතුවෙන් දැන් වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. මෙම රජය කිසිදු බාහිර බලපෑමකින් තොරව වගකීම ඉටුකළ යුතුයි. එක්සත් ජාතින්ගේ සංවිධානය හමුවේ ඇති වූ ගැටලුවේ දී අභ්‍යන්තර සාමය ගොඩනැගීමට අපෝසත් වී තිබුණා. ඒ නිසා පිට පිටම අපිට එරෙහි ව ජිනීවා යෝජනා සම්මත කරගනු ලැබුවා.

    වත්මන් ජනපතිතුමා සෑම රටක් සමඟම සහයෝගයෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් සත්‍යවාදී ලෙස ජාත්‍යන්තර සංවිධානවල කටයුතු කරන්නට. රජය ඇප කැප වී සිටිනවා ජනතාව ලබාගත්ත, ජයග්‍රහණය ස්ථිර කරන්නට. ඒ සම්බන්ධයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, යහ පාලනය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරනවා.

    මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ ව විභාග කිරීම වැදගත්. මානව හිමිකම් කියන්නේ අපිට ආගන්තුක සංකල්පයක් නොවේ. අපි එය විශ්වීය දෙයක් ලෙස සලකන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya