මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබේ කුසලතා, දැනුම සහ හැකියාව ජාතියේ අනාගතය සඳහා යොදවන්න

    මාර්තු 18, 2015
    තම කුසලතා, දැනුම මෙන්ම හැකියාවන් රටේ සහ ජාතියේ අනාගතය සඳහා යෙදවීමට සියලු දරුවන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    2014 අධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දිවයිනෙන් පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් සිසුන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇගයීමය ලක්විය. ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම සිසුන් හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් තම සුබපැතුම් පිරිනැමීය.
     
    විභාග ප‍්‍රතිඵලවලින් සමත්වීම සේම ජීවිතය සමත්වීම ද ඉතා වැදගත් බව මෙහිදී දරුවන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා විභාග ප‍්‍රතිඵලවලින් ලබන ශක්තිය, ධෛර්ය සහ මගපෙන්වීම ජීවිතය සමත්වීම සඳහා භාවිතයට ගන්නා ලෙස ද දරුවන්ට පැවසීය.
     
    තරගකාරී සමාජය තුළ තම තරගකාරිත්වය පංති කාමරයට, පාසලට හෝ රටට සීමා නොකළයුතු බව ද පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තරය ජයගැනීමට ද අපේ දරුවන් අදිටන් කරගත යුතු බව පැවසීය.
     
    වාණිජ්‍ ලෝකයත් සමඟ ඉදිරියට යන තාක්ෂණය තුළ කිසිදු ලියවිල්ලකින් තොරව පරිගණකයෙන් පමණක් තම විෂයයන් අධ්‍යයනය කිරීමට අද දරුවන්ට අවස්ථාව ලැබී ඇත. එහි සුබවාදී සහ අසුබවාදී පැතිකඩ මැනවින් හඳුනා ගනිමින් ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    යුද්ධයේ වෙඩි හඬ සමඟ ජීවත් වූ උතුරේ දරුවන් අද වෙඩි හඬ නොඇසුනු දකුණේ දරුවන් අභිබවා විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගැනීමට සමත් ව ඇත. එය අනෙකුත් ප‍්‍රදේශවල දරුවන්ටද මහඟු ආදර්ශයක් බව පැවසූ ජනාධිපතිතුමා ජීවිතයේ දුක් කම්කටොළු බාධක කිසිදු විටෙක අධ්‍යාපනය අඩාල කර ගැනීමට හේතු කර නොගන්නා ලෙස ද දරුවන්ට පැවසීය.
     
    එමෙන්ම විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ කාර්යභාර්ය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය බී.එස්. රාධකි‍්‍රෂ්ණන්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරු ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, විභාග කොමාසාරිස් ජනරාල්, මෙන්ම විදුහල්පතිවරු සහ දෙමාපියෝ මීට එක්ව සිටියහ. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya