මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමේ වැඩපිළිවෙළට ස්විට්සර්ලන්තයේ සහය

    මාර්තු 18, 2015
    ශ‍්‍රී ලංකාව තුළ සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමේ වැඩපිළිවෙළට අවශ්‍ය සෑම සහයක් ම ලබාදීමට ස්විට්සර්ලන්තය සූදානම් බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඩිඩියර් බක්හෝල්ටර් මහතා පැවසීය. 
     
    ශී‍්‍ර ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි ස්විට්සර්ලන්තයේ හිටපු ජනාධිපතිවරයා වන දැනට විදේශ ඇමති පදවිය දරන ඩිඩියර් බක්හෝල්ටර් මහතා ඊයේ (17) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයහග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රථමයෙන් සිය සුබපැතුම් පිරිනැමූ ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා වත්මන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ තම රජය මහත් පැහැදීමෙන් සිටින බව ද ප‍්‍රකාශ කළේය. 
     
    ලොව සාමය පවත්වාගෙන යාමේ කටයුතුවලට අත දෙන මධ්‍යස්ථ දේශයක් ලෙස ස්විට්සර්ලන්තය ඉටුකරන මෙහෙවර පිළිබඳ ව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම ප‍්‍රසාදය පළ කළේය.
     
    ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමේ වැඩපිළිවෙලට පමණක් නොව සංවර්ධන ක‍්‍රියාවලියට ද තවදුරටත් ස්විට්සර්ලන්තයේ සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිතුමා දේශීය කර්මාන්ත ඉහළ නැංවීමට ශි‍්‍ර ලංකාව දරන ප‍්‍රයත්නයට අත දෙමින් ඒ සඳහා ආයෝජන වර්ධනය කරන ලෙස ද විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. 
     
    නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්. පී. පෙරේරා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර යන මහත් මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya