මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට හැර ගිය ජනමාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා

    මාර්තු 18, 2015

    දේශපාලන බලපෑම් , ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගිය ජනමාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන්ට ඒ සඳහා ආරාධනා කර තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    දේශපාලන හා ජීවිත තර්ජන නිසා ආරක්ෂාව පතා ජනමාධ්‍යවේදීන් විදෙස් ගත වී ඇති බව සත්‍යයක්. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට අප සාකච්ඡා කරමින් සිටිනවා . පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන්ට සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ජීවිත තර්ජන නිසා මිනිස්සු රට ගියා.

    ප්‍රදීප් එක්නැලිගොඩ පිළිබඳ ව අපි සොයා බලන්න කටයුතු කරනවා. ඔහුගේ පවුල වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස පැවැතිය යුතු බව පිළිගන්නා බවත් මෙරට ජනමාධ්‍යවේදීන් සුවිශාල ජන මෙහෙවරක් ඉටුකරන බවත් අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya