මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සොබාදම් පියස" නව ගොඩනැගිලි සංකීර්ණයට ජනපති අතින් මුල් ගල් තැබේ

    මාර්තු 18, 2015
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය වෙනුවෙන් බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ ඉදිකෙරෙන "සොබාදම් පියස" අභිනව ගොඩනැගිලි සංකීර්ණයට මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතමා අතින් අද (18) පෙරවරුවේ සිදු විය.
     
    අද පෙරවරු 10.10 ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපතිතුමා අතින් නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් ගල් තැබුණු අතර මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරු සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඊට එක්ව සිටියහ.
     
    DB
     
    ඡායාරූප -  චන්දන පෙරේරා
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya