දර්ශන රුවන් දිසානායක මහතා විසින් සංගීත අධ්යක්ෂණය කරන ලද "උත්තරීතර දේශයයි මේ" තේමා ගීතය ඇතුළත් සංයුක්ත තැටිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීමේ උත්සවය ඊයේ (17) පස්වරුවේ ජාතික චිත්රපටි සංස්ථා ශ්රවණාගාරයේදී පැවැත්විණි. විදේශ ආක්රමණ හමුවේ වැසී ගිය ශ්රී ලංකා අභිමානය යළි ස්ථාපිත කිරීමේ පරමාර්ථය ඇති ව "උත්තරීතර දේශයයි මේ" තේමා ගීතය නිර්මාණය කර ඇත. මැති ඇමතිවරු , කලාකරුවෝ ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ. NDH/pix by Nalin Hewapathirana-pmu