මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයෙන් විනාශ වූ භෞතික සම්පත් ගොඩනැගීම සේම ජනතාවගේ සිත් සුවපත් කිරීමට කටයුතු කරනවා

    මාර්තු 11, 2015
    දීර්ඝ කාලීනව පැවති යුද්ධය නිමාවීමෙන් අනතුරුව විනාශ වී ගිය භෞතික සම්පත් ගොඩනැගීමේ කාර්යය ඉටුකිරීම සේම ජාතීන් අතර සමඟිය, සංහිඳියාව ගොඩනගමින් ජනතාවගේ සිත් සුවපත් කිරීමේ කාර්යය ශ‍්‍රී ලංකාව මේ වනවිට ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.
     
    බි‍්‍රතාන්‍යයේ සිව් දින නිල සංචාරයට සහභාගි වී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක එඩී මිලිබෑන්ඩ් මහතා හමු වූ අවස්ථාවේදීය. ඊයේ (10) පස්වරුවේ ලන්ඩන් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගෙන සිටින හෝටල් පරිශ‍්‍රයේ දී මෙම හමුව පැවැත්විණි.
     
    ජනාධිපතිතුමන් ලද විශිෂ්ට ජයග‍්‍රහණයට සුබපැතූ මිලිබෑන්ඩ් මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළා සේම අපේක්ෂිත පරිදි දින සියයේ වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කිරීමේ හැකියාව ද ජනාධිපතිතුමන් සතුව පවතින බවට තමා විශ්වාස කරන බවයි.
     
    පවතින ගැටලු විසඳීමේදී සංවර්ධිත රටවලින් ලැබෙන සහයෝගයේ ඇති වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම උදෙසා ප‍්‍රතිසන්ධාන කාර්ය බලකාය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බවද සඳහන් කළේය.
     
    උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබාදීම සහ උතුරු නැගෙනහිර පළාත් සභාවල ආණ්ඩුකාර තනතුරු සඳහා යුද හමුදා නිලධාරීන් වෙනුවට සිවිල් නිලධාරීන් පත්කිරීමටත් මේ වනවිට රජය කටයුතු කර ඇති බව සඳහන් කළ සිරිසේන මැතිතුමා වසර විසිපහකට පසු ශ‍්‍රී ලංකාවේ අග‍්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් ද්‍රවිඩ ජාතිකයෙකු කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය.
     
    ජනාධිපතිතුමන්ගේ බි‍්‍රතාන්‍ය සංචාරය ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වන බව පෙන්වා දුන් මිලිබෑන්ඞ් මහතා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වර්තමාන වැඩපිළිවෙළට සුබපැතුම් එක්කළ අතර එම කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුවනු දැකීම සිය අපේක්ෂාව බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
     
    විදේශ අමාත්‍ය මංගල සමරවීර, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya