සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන රජයෙන් රුපියල් මිලියන 240ක ප්‍රදානයක්

    නොවැම්බර් 27, 2014

    ශ්‍රී ලංකාව හා ජපාන රජය අතර පවත්නා දීර්ඝ කාලීන ආර්ථික සහයෝගීතාව හේතුකොට ගෙන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ ජපාන රජය වෙතින් රුපියල් මිලියන 240ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය.


    ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නඟාසිටුවීම සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමටත් නියඟය ඇති ‍ප්‍රදේශයන්හි අභ්‍යන්තරික ජල සම්පත් වර්ධනය කිරීමට අවශ්‍ය වන්නා වූ උපකරණ ලබා ගැනීමටත් මෙම ආධාර යටතේ අපේක්ෂා කෙරේ.

    ඉහත සඳහන් කරන ලද ප්‍රදානය ලබාගැනීම සම්බන්ධ හුවමාරුපත්‍ර අත්සන් කිරීම මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරුණි. ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ද හුවමාරුපත්‍ර අත්සන් කළහ.

    NDH/mof

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya