නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ IAA හි සාර්ථකත්වය ශ්‍රී ලංකාව IATA කලාපීය පුහුණු පාර්ශ්වකරුවා බවට පත් කරයි

    නොවැම්බර් 26, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය (IAA) දශකයක් පුරා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) බලයලත් පුහුණු අංශයක් වශයෙන් කටයුතු කරන අතර එහි කාර්ය දර්ශනය  සැලකිල්ලට ගනිමින් IATA හි ලෝකයේ විශිෂ්ටතම කවය අතරට පැමිණීමට සමත් වී ඇත.

    වසර 3ක් පුරා අඛණ්ඩව ආසියාවේ විශිෂ්ටතම පුහුණු ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය, 2014 සිට ශ්‍රී ලංකාවේ IATA කලාපීය පුහුණු පාර්ශ්වකරුවා වශයෙන්  පත් කර තිබේ.

     

    මෙම විශේෂ ඇගයීම්  සිදු කිරීමට හේතු වී ඇත්තේ වෘත්තීමය ගුවන් සේවා පුහුණු ආයතනය (IAA)  වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ලබාගන්නා ලද කීර්ති නාමය සහ  ස්ථාවර ප්‍රතිරූපය යන කරුණු පදනම් කර ගනිමින්ය. ඒ අනුව IATA හි ප්‍රථම RTP වැඩසටහන වන ගුවන් සේවා අලෙවිකරණ පාඨමාලාව ශ්‍රී ලංකන් IAA විසින් අවසන් කර ඇති අතර මෙම වැඩසටහන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අති නවීන පන්නයේ  පුහුණු පහසුකම් ස්ථානයක දී ගුවන් සේවා ක්ෂේත්‍රයේ වෘත්තීකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

     

    මෙම වැඩසටහන සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකු ලෙස Cheong Chen Lucky මහතා මූලික වශයෙන්  සම්පත් දායකත්වය සපයන අතර ඔහු  සතුව ගුවන් සේවා අලෙවිකරණය පිළිබඳව දශක 30 ක අත්දැකීම් ඇති අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු සහ උපදේශකයෙකු වශයෙන් විවිධ ගුවන් සේවාවන් හි සිය දායකත්වය ලබාදී තිබේ.

     

    මේ සඳහා සහභාගීවන්නන්ට මෙම වැඩසටහන තුළින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පුහුණුව පිළිබඳව නවතම අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලබාගැනීමට අවස්ථාව උදා විය. මේ සඳහා සහභාගීවූවන්ට  IATA හි ගෞරවනීය ගුවන් සේවා ව්‍යාපාර සංවර්ධන ඩිප්ලෝමාව සඳහා සුදුසුකම් ලබා ගැනීමටත් හාවඩ් කළමනාකරණ උපදේශක වැඩ සටහන් සඳහා සුදුසුකම් ලබා ගැනීමටත් අවස්ථාව උදාවේ.

     

    එසේම IATA හි RTP වැඩසටහන යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ නියැලෙන වෘත්තිකයන්ට උසස් තත්වයේ ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු වැඩසටහන් සඳහා ඉතා සාධාරණ ගාස්තු යටතේ ශ්‍රී ලංකාවේදීම මෙය හැදෑරීමට පහසුකම් සලසා දෙනු ලබයි. ශ්‍රී ලංකන් IAAහි අරමුණු වන්නේ මෙම වැඩසටහන් තුළින් රටේ සංවර්ධනය වන ගුවන් සේවා අංශය සඳහා මානව සම්පත් මෙන්ම වෘත්තීමය සංවර්ධනය ලබා දීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණුව සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත්ය. එමගින් අප රටට මේ සඳහා විදේශීය සහභාගීවන්නන් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව උදා වේ. එසේම රජයේ දැක්ම වන ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් සේවා හා දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණට ද සහයෝගය ලබා දීමටද ගුවන් සමාගම අපේක්ෂා කරයි.

     

    ශ්‍රි ලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය RTP පාඨමාලා  ය‍ටතේ දෙවැනි වැඩසටහන ප්‍රකාශයට පත්කර ඇත. IATA හි පුහුණුකරුවන් පුහුණුකරවන වැඩසටහන 2014 නොවැම්බර් මස 17 ආරම්භ වූ අතර ඒ සඳහා ගුවන් සේවා පුහුණු වෘත්තිකයන් 25 දෙනෙකු සහභාගී විය. කාම්බෝජය, ඉන්දියාව, අබුඩාබිය,කටාර් සහ ඩුබායි යන රටවල් නියෝජනය කරමින් එම පිරිස් සම්බන්ධ වී තිබේ. මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකන් IAA, IATA හි කලාපීය පුහුණු පාර්ශ්වකරුවා වීමේ මූලික සාර්ථකත්වය පෙන්නුම් කරයි

     

    මේ සමගම ලබන වසරේදී උසස් ජාත්‍යන්තර ගුවන් සේවා වැඩසටහන තුළින් දේශීය හා ජාත්‍යන්තර  වශයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහා පුහුණු අවශ්‍යතා සපුරා දෙනු ඇත.  මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකන් IAA කලාපීය විශිෂ්ඨතම ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය වශයෙන් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් මෙම වැඩසටහන් සඳහා ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

     

    ජා‍ත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය (IAA) සිය 2013 ප්‍රිමියර් කවයෙහි ලොව විශිෂ්ඨතම අනුමත ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන 10 අතර එක්කර ගැනිණි. රටවල් 90 ක ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන 440 ක් ඇගයුමට ලක්කිරීමෙන් අනතුරුව මෙම තෝරා ගැනීම සිදුකෙරුණි.  සංවර්ධන ව්‍යාපෘතිය, ශිෂ්‍ය ශ්‍රේණිගත කිරීම්වල තත්වය සහ IATA පුහුණු වැඩසටහන් සඳහා දැක්වූ දායකත්වය යන සාධක මත මෙම මධ්‍යස්ථානයන් ඇගයීමට ලක්කෙරිණි.

     

    ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ලෝකයේ ගුවන් සේවා සඳහා වන වාණිජ සංගමයක් වන අතර ඊට රටවල් 115 ගුවන් සේවා 240 නියෝජනය වේ. IATA  මූලස්ථානය කැනඩාවේ මොන්ට්‍රියල් හි ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා රටවල් 60 ක් තුළ කාර්යාල 63 ක්  මෙන්ම ලෝකයේ ගුවන් සේවා 84% නියෝජනය කරමින් ව්‍යාප්ත වී ඇත. IATA යනු ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාලතම සහ අති විශේෂ පුහුණු සහ සංවර්ධන පහසුකම් සලසා දෙන සංගමයකි. ලෝකය පුරා IATA හි පුහුණු පාර්ශ්වකරුවන් සිටින අතර එහි සාමාජික පුහුණු පාර්ශ්වකරුවන් සඳහා උසස් තත්වයේ ගුණාත්මක ගුවන් සේවා පුහුණුව පිළිබඳව ප්‍රමිති ගුණාංග තත්වයන් මත විවිධ පුහුණු ආයතන වර්ගීකරණය කර ඇත.

     

    IATA විසින් ලබාදෙන උසස් තත්වයේ පුහුණු සම්මානයක් වන්නේ කලාපීය පුහුණු පාර්ශ්ව තත්ත්වය(RTP)  ලබාදීමයි.මෙම තත්ත්වය IATA හි පුහුණු අංශය බවට පත්වීම හා සමවන අතර එමගින් ජාත්‍යන්තරව පුහුණු වැඩසටහන් ලබාදීමටත් ජාත්‍යන්තර සහභාගීවන්නන් සඳහා IATA ජාලය හරහා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමටත් හැකියාව ඇත.

    SDF/MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya