නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට ගිනිකොන සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට නිරන්තර වැසි

    නොවැම්බර් 26, 2014

    අද (26) දිවයිනට ගිනිකොන සහ නැගෙනහිර දෙසින්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.


    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya