මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් රැසකට වැසි - දිවයින හරහා සුළං වේගය විටින් විට ඉහළට Featured

    නොවැම්බර් 25, 2014

    අද (25) දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසිද (මි.මී. 100ට වැඩි) ඇති විය හැක. අනෙකුත් ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක. විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට මන්නාරමට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට මහනුවරට නුවරඑළියට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    යාපනයට වැසි වාර කිහිපයක් ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 26.7ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 37.4ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද මි.මී. 26.9ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 26.9ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 9.4ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 28.3ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 35.3ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 10.1ක වර්ෂාපතනයක් මොනරාගලින් ද මි.මී. 47.8ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C රත්නපුර හා යාපනයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.9°C පුත්තලම ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.9°C නුවරඑළියෙන් ද මි.මී. 38.0ක උපරිම වර්ෂාපතනය බගවන්තලාව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya