සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොතුවිල් හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැක

    නොවැම්බර් 23, 2014

    අද (23) දිවයිනට නැගෙනහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya