සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ලස්සන රටක්" ත්‍රෛ භාෂා පුවත්පත එළිදැක්වේ

    නොවැම්බර් 21, 2014
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිල ත්‍රෛ භාෂා පුවත්පත වන "ලස්සන රටක්" එළිදැක්වීම ඊයේ (20) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආයතන ශ්‍රවණාගාරයේ දී  සිදු කෙරුණි.
     
    එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා විසින් මෙහිදී පැමිණි සිටින පිරිස පිළිගත් අතර "ලස්සන රටක්" පුවත්පතේ ප්‍රථම පිටපත සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.
     
    මෙම පුවත්පත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ ලියවුණු විශේෂාංග ලිපි, සම්මුඛ සාකච්ඡා සහ ඡායාරූපයන්ගෙන් සමන්විතය.
     
    මෙම අවස්ථාවට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya