"සඳහිරු සෑය" සර්වඥ ධාතු නිධානෝත්සවය 23දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිත අතර ඒ පිළිබඳ ව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම්වරයා මෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සෑයේ වැඩ කටයුතු පිළිබඳ විමසීමෙන් අනතුරු ව ආරක්ෂක ලේකම්වරයා එළැඹෙන 23දා පැවැත්වෙන ධාතු නිධානෝත්සවය පිළිබඳ ව මෙන් ම එහි කටයුතු සූදානම්වීම පිළිබඳ ව ද ප්රගතිය විමසීය.
ධාතු නිධානෝත්සවය සඳහා භික්ෂූන් වහන්සේලා 6500ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය. මෙම ස්ථානයේ දින හතක් මුළුල්ලේ පිරිත් සජ්ඣායනාවන්
ද පැවැත්වේ.
mod