ගාලු සංවාදය 2014 ('Galle-Dialogue - 2014') වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත මුදාහැරීම පසුගිය දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. www.galledialogue.lk හරහා ගාලු සංවාදය අන්තර්ජාතික සමුළුවේ සියලු තොරතුරු ලබාගත හැකිය.
කලාපයේ සාමුද්‍රික ආරක්ෂාව පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙම සංවාදය 2010 වසරේ දී මුල්වරට ආරම්භ විය.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් මෙය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙවර සමුළුවට රටවල් 40ක පමණ නියෝජිත පිරිස් සහභාගිවීමට නියමිතය.
DB