මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශ්න විසඳුවොත් පැවැත්මක් නැහැ Featured

    නොවැම්බර් 10, 2014
    උතුරු පළාත් සභාව වෙනුවෙන් වෙන් කළ මුදලින් 25%ක් තරම් සුළු ප්‍රමාණයක් පමණක් මේ වන විට වැය කොට ඇති අතර සෙසු පළාත්වලට සාපේක්ෂව උතුරු පළාත වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළ බවත් උතුරේ ප්‍රශ්න විසඳුව හොත් දෙමළ ජාතික සන්ධානයට පැවැත්මක් නොමැති නිසා එවැන්නක් නොකරන බවත් සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ප්‍රධාන අමාත්‍යවරයා බලයට පැමිණීමට පෙර වසර 03ක් වැනි කෙටි කාලයක් තුළ උතුරු පළාත කිරියෙන් පැණියෙන් ඉතිරවීමට කටයුතු කරන බව පැවසුවද ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ ව කතා කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට නොපැමිණියත් ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කොට පහසුකම් සලසාගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    උතුරේ ජනතාවට දකුණේ ද, දකුණේ ජනතාවට උතුරට ද ගොස් ජීවත්වීමේ අයිතිය පවතී. උතුරේ මෙන් ම දකුණේ ද ජනතාව අතර පෞද්ගලික ආරවුල් පවතින අතර ඒ සියලු ප්‍රශ්න සඳහා ආරක්ෂක හමුදාවන් පටලවා ගැනීමේ සත්‍යතාවක් නොමැත.
     
    උතුරේ කිසිදු ප්‍රශ්නයක් සඳහා ආරක්ෂක හමුදාවන් වගකිව යුත්තෙක් නොවන අතර ඒ සියලු ප්‍රකාශයන් වැරදි සහගත බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    2015 අයවැය මැතිවරණ අපේක්ෂාවෙන් සිදු කරන්නක් යැයි ප්‍රකාශ කිරීම ඉතා වැරදි බවත් රජයේ ප්‍රතිපත්තිය යහපත් බැවින් එසේ කළ හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya