මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර බිම් බෝම්බ 95%ක් ඉවත් කළා - ඇමති බැසිල් රාජපක්ෂ

    නොවැම්බර් 10, 2014

    උතුරු, නැගෙනහිර ප‍්‍රදේශයේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් වළදමා තිබු පුද්ගල හා වාහන නාශක බිම් බෝම්බ මරඋගුල්වලින් 95%ක් මේ වන විට ගලවා ඉවත් කොට ඇතැයි රජය අවධාරණය කරයි.



    බිම් බෝම්බ, මරඋගුල් ලක්ෂ 13කට අධික ප‍්‍රමාණයක් ගලවා ඉවත් කිරීට ඇතැයි ඇස්තමේන්තු කොට තිබුණි. මේ වන විට එසේ ඉවත් කිරීමට ඇත්තේ 5%කටත් අඩු ප‍්‍රමාණයක් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    මුළු රට ම කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමෙන් පසු උතුරු නැගෙනහිර පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමට රුපියල් බිලියන 12.6ක මුදලක් වැය කොට තිබේ.

    නිවාස පහසුකම් වැඩිදියුණු කිරීමටත්, යළි ගොඩනැගීමටත්, ජල සම්පාදනයට, රෝහල්, පාසල්, වාරිමාර්ග, දුම්රිය අධිවේගී මාර්ග, වාරික‍්‍රම, පාලම් හා බෝක්කු, විදුලි පහසුකම්, පරිපාලන ගොඩනැගිලි, වෘත්තීය පුහුණුව හා මුළු ප‍්‍රදේශයේ ම යළි සංවර්ධනය ඇති කිරිමට 2009 සිට 2014 දක්වා කාල පරිච්ඡේදයේ රුපියල් බිලියන 325ක මුදලක් වැය කළ බව බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

    2009 වසරේ මැයි 19 වන දිනෙන් පසු උතුරු නැගනෙහිර ප‍්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම රජයේ ප‍්‍රමුඛ කාර්ය වූ බව සඳහන් කළ අමාත්‍යවරයා පළමු ව ජනතාව පදිංචියට බලපාන පොදු ස්ථාන, ගොවිබිම්, ජීවනෝපාය ප‍්‍රදේශ, පාසල්, රෝහල් ඉලක්ක කොට කඩිනම් පියවර ගනිමින් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ඉවත් කරනු ලැබූ බව ද පැවසීය.

    පළමු ව නාගරික සංවර්ධන හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම මේ අනුව සිදු කෙරුණ අතර දෙවනුව කෘෂිකාර්මික ප‍්‍රදේශවල තෙවනුව වනාන්තර ප‍්‍රදේශවලත් මේවා ඉවත් කිරීම සිදු කෙරිණි.

    මෙරටින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සඳහා ශී‍්‍ර ලංකා බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික සංවිධානය (SLNMAC) නමින් තම අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ආයතනය කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    මේ කටයුතු සම්බන්ධිකරණය කිරීම හා අවශ්‍ය තත්ත්ව කළමනාකරණ සඳහා අවශ්‍ය විශේෂඥ හා ශිල්පීය ආධාර ලබාදීම  එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UN DP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNCEF) දායකත්වය සපයා ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya