මාතර දිස්ත‍්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළ කරුණු හා ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා හා අදහස් අනුව ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ ව විමසා බලන ලද අතර තවමත් වැඩ ආරම්භකර නොමැති ව්‍යාපෘතිවල වැඩ ඉතා කඩිනමින් ආරම්භ කරන ලෙසත් වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘති ඉතා කඩිනමින් වැඩ අවසන් කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ආයතනවලට අවධාරණය කරන ලදි.
මේ අවස්ථාවට ප‍්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත‍්‍රීවරු ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ අදාළ වෙනත් ආයතන සහභාගි වූහ.
මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් රැස්වීම සංවිධානය කරන ලදි.
DB