සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී විශ්විද්‍යාලවලට සිසුන් ලක්ෂයක්

    නොවැම්බර් 07, 2014
    වර්තමානයේ දී විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන්ගේ ප්‍රමාණය 20,000ක් 25,000ත් අතර ප්‍රමාණයක් බවත් ඉදිරියේ දී එම ප්‍රමාණය ලක්ෂය දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    රජය විසින් විශ්වවිද්‍යාල විද්‍යායතන 25ක් ආරම්භ කරන අවස්ථාවේ දී පෞද්ගලික අංශය විසින් විදේශ ශිෂ්‍යත්ව පිරිනමනු ලබන ආයතන 51ක් ආරම්භ කොට ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා වසරකට ළමුන් 4000ක් තරම් පිරිසක් එම ආයතන හරහා විදේශ උපාධි ලබාගන්නා බවත් පෙන්වා දුන්නේය.
     
    2010 වසරෙන් පසු ව විදේශ රටවල් සඳහා යවනු ලබන ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය 35%කින් අඩු කොට ඇත. ඒ වෙනුවෙන් වෙනත් ක්ෂේත්‍රවලට අදාළ ව පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවල් වෙත යොමු කොට ඇත. පසුගිය මාස 06ක කාලය තුළ විදේශ රැකියාවන්හි නියුතු වූවන් හරහා ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය 15%කින් ඉහළ ගොස් ඇත. ඉදිරියේ දී මෙහෙකරුවන් වශයෙන් නො ව මනා පුහුණු ශිල්පීන් විදේශ ගත කිරීමට අවශ්‍ය සැලසුමක් ද ක්‍රියාත්මක කරමින් පවතී.
     
    පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ විදේශ සිසු සිසුවියන් 250ක් පමණ අධ්‍යාපනය ලබන බවත් විදේශ දරුවන් 5000ක් පමණ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රථම වරට විදේශ සිසුන් වෙත ශිෂ්‍යත්ව ලබාදීමේ දී පැමිණි ප්‍රමාණය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත් එය ලෝක ශ්‍රේණිගත කිරීම සඳහා එක් සුදුසුකමක් බවත් පෙන්වා දුන්නේය.
     
    ශ්‍රී ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව 0.3%කින් අධි ප්‍රමාණය වී ඇත. එම අධි ප්‍රමාණය වීම වළක්වාගැනීම සඳහා පසුගිය මාස 06ක කාලය තුළ ඩොලර් පවුම් මිලියන 985ක් දේශීය වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගෙන ඇත.
     
    2015 අය-වැය මුදල් නොමැති යෝජනාවක් පමණක් යන ප්‍රකාශයන් පිළිගත නොහැකි බවත් විදේශ සංචිත ඩොලර් මිලියන 06ක් පවතින බවත් පෙන්වා දෙන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එවන් ශක්තිමත් අවස්ථාවක දී මෙවර අය-වැය ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya