සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැයෙන් වෙන් කළ මුදල පස් ගුණයකින් වැඩි වෙලා

    නොවැම්බර් 07, 2014
    2005 වසරේ දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත රුපියල් බිලියන 8.1ක් වෙන් කළ බවත් එය 2013 වසරේ දී රුපියල් බිලියන 38.6ක් වන අතර 2015 වර්ෂය සඳහා රුපියල් බිලියන 41.1ක් වෙන් කොට ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    ඒ අනුව 2005 වසර හා සැසඳීමේ 2015 වසරේ දී වෙන් කළ මුදල පස් ගුණයකින් වැඩි කොට ඇත. 2004 වසරේ දී විශ්වවිද්‍යාල සඳහා බඳවාගත් සිසුන්ගේ ප්‍රමාණය ද මේ වන විට 25,000ක් දක්වා වැඩි කොට ඇත. 
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම හරහා අනාගතයේ දී ලෝකයේ ඕනෑ ම ස්ථානයක රැකියා කළ හැකි උපාධිධාරීන් පිරිසක් මෙන් ම ඕනෑ ම රැකියාවක් කළ හැකි උපාධිධාරියෙකු ද බිහිකිරීමේ කාර්යය සිදු කරන බවත් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
     
    මෙවර නොසිතූ ආකාරයෙන් අය-වැය හරහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මුදල් වෙන් කිරීම සිදු කොට ඇති අතර මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500 සිට 4000 දක්වා 60%කින් වැඩි කොට ඇතැයි ද ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya