මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013/2014 ආර්ථික සංගණනය නොවැ: 10 ඇරඹේ

    නොවැම්බර් 07, 2014

    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය යටතේ පවතින ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2013/2014 වර්ෂවලට අදාළ ව ආර්ථික සංගණනයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා පැවසී ය.


    ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) ජනමාධ්‍ය  හා තොරතුරු අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ය.


    මෙරට කර්මාන්ත, වෙළඳ හා සේවා පිළිබඳ ව විස්තරාත්මක දත්ත රැස් කිරීමේ අදියර ඉදිරි දෙමස තුළ දී සිදු කිරීමට අදාළ ක්‍රියාමාර්ග සියල්ල සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.


    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නොවන කර්මාන්ත, වෙළඳ හා සේවා ලැයිස්තුගත කිරීමේ අදියරේ දී ලබා ගත් නියැඳි 34,000ක් මේ සංගණනයට භාජනය වනු ඇත. එහි දී  සංගණන නිලධාරීන් දත්ත ලබා ගැනීමට පැමිණෙන ස්ථාන ලෙස කර්මාන්ත ශාලා, වෙළඳ සංකීර්ණ, කාර්යාල, කුලියට ඇඳුම් මසන ස්ථාන, අලෙවිය සඳහා කෑම සකසන ස්ථාන, මනාලියන් හැඩගැන්වීමේ ස්ථාන, ජංගම ව සිදු කරන ආර්ථික කටයුතු (මාළු වෙළඳාම, ලොතරැයි විකිණීම) ආදි ස්ථාන අයත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පැවසී ය. එම සංගණනයේ දී ලබා ගන්නා දත්ත කුමන හේතුවක් මත හෝ වෙනත් කටයුත්තක් සඳහා ලබා නොදෙන බව ද පැවසී ය. එබැවින් දත්ත ලබා දීමට ජනතාව පැකිළීමට අවශ්‍ය නොවන බව ද එතුමා කියා සිටියේ ය.


    මෙම මාධ්‍ය හමුව සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්.ඩබ්.එම්.ඒ.එස්. ප්‍රේමකුමාර, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් යන මහත්වරු ඇතුළු නිලධාරීහු  පිරිසක් මීට සහභාගි වූහ.

     

    KA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya