මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය සම්මන්ත්‍රණය නොවැම්බර් 10-11 කොළඹදී

    නොවැම්බර් 07, 2014
    පළමු ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය සම්මන්ත්‍රණය නොවැම්බර් 10 සහ 11  පැවැත් වේ. එහි සමාරම්භය නොවැම්බර් 10 සඳුදා උදෑසන 09.00ට කොළඹ ගලධාරී හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් (Grand Ballroom) හි දී  පැවැත්වීමට නියමිත ය.
     
    ජාත්‍යන්තර තලයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දේශකයන් 10 දෙනෙක් මෙම ජාත්‍යන්තර සම්මණ්ත්‍රණයට සහභාගී වන අතර ලෝක ව්‍යාප්ත මත්ස්‍ය කර්මාන්තය හා සම්බන්ධ විශේෂඥයින් සහ අපනයනකරුවන් දකුණු ආසියාවේ දී එකට එකතු කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.
     
     
    ඉන්ෆොෆිෂ් (INFOFISH) සහ අපනයන සංවර්ධන මණ්ඩලය එකට එක්ව OFI ආයතනය සම අනුග්‍රහයෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරේ.
     
     
    ආසියා-ෆැසිෆික් කලාපයේ ධීවර හා මත්ස්‍ය කර්මාන්තයට අවශ්‍ය වෙළඳ පොළ තොරතුරු හා තාක්ෂණිත උපදේශන සේවය සපයන ඉන්ෆොෆිෂ් (INFOFISH) ආයතනය ක්වාලා ලම්පූර් සහ මැලේසියාව මුල් කරගනිමින් රටවල් 14 ක පැතිර පවතියි.
     
     
    විශේෂයෙන් ඉන්ෆොෆිෂ් (INFOFISH) කලාපයේ මත්ස්‍ය නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් හට වෙළඳපොළ අනුග්‍රහය හා උපදේශනය ලබා දෙන ප්‍රමුඛ පෙළ මූලාශ්‍රයකි. අමතරව මත්ස්‍ය කර්මාන්තය හා සම්බන්ධ අංශවල ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, දේශන සහ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමට උපදේශන සේවා ද සපයනු ලැබේ.
     
     
    2013 වර්ෂයේ විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් මිලියන 10.7ක් වන අතර එය 2012 වර්ෂයට සාපේක්ෂව සියයට 41ක වර්ධනයකි. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය, ජපානය සහ ප්‍රංශය යන රටවල් 2013 වසරේදී ශ්‍රී ලංකාව විසිතුරු මසුන් අපනයනය කළ රටවල් අතර ඉහළින් ම සිටින රටවල් වේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya