මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කළමනාකරණ තාක්ෂණ අංශයට පුළුල් පුහුණු වැඩසටහනක්

    නොවැම්බර් 07, 2014
    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කළමනාකරණ තාක්ෂණ අංශයට පුළුල් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දැක්වීමට දකුණු කොරියාව එකඟ වේ. 
     
    දකුණු කොරියානු රජයේ මූල්‍යාධාර ඇතුව වසර 2ක් තුළ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පල කළේ දකුණු කොරියාවේ ඉදිකිරීම් කළමනාකරණ  සංවිධානය යි. (Construction Management Association Of Korea – CMAK)
     
    දකුණු කොරියාවේ නිල සංචාරයක නිරත වී සිටින ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ දකුණු කොරියාවේ ඉදිකිරීම් කළමනාකරණ සංවිධානයේ සභාපති බේ යුන්ග්හ්වෙයි (Bae Yunghwi) මහතා අතර දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතනවලට හා ශිල්පීන්ට ලබාදෙනු ලබන මෙම කළමනාකරණ තාක්ෂණික පුහුණුවෙන් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, අරපිරිමැස්ම හා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය වඩාත් යහපත් මට්ටමක පවත්වාගෙන යාමට පුළුවනි. දකුණු කොරියාව ඇතුළු රටවල් රැසකට මෙම පුහුණුවෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵල මේ වන විටත් ලබාගෙන ඇති බව දකුණු කොරියාවේ ඉදිකිරීම් කළමනාකරණ සංවිධානයේ සභාපති බේ යුන්ග්හ්වෙයි මහතා පෙන්වා දුන්නේ ය.
     
    ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය හරහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මීට අදාළ අවබෝධතා ගිවිසුම කඩිනමින් සකස් කරන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මෙම පුහුණුව ලබාදීම සඳහා දකුණු කොරියානු විශේෂඥයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
     
    දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, අමාත්‍යාංශයේ උපදේශක ප්‍රශාන්ත ඩයස්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නිතීඥ පාලිත ගමගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
    unnamed 1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya