මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ ප්‍රධානතම ඉදිකිරීම් ආයතන රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළකරයි

    නොවැම්බර් 07, 2014
    දකුණු කොරියාවේ ප්‍රධානතම ඉදිකිරීම් ආයතන රැසක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළකරයි.
     
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි කොරියාවේ ජාත්‍යන්තර වෙළෙඳ සංවිධානයේ (korea International Trade Association – KITA ) මූලස්ථානයේ දී පැවති වෙළෙඳ සමුළුවේ දී ශ්‍රී ලංකාවේ කඩිනමින් ආයෝජනය කිරීමට දකුණු කොරියාවේ ඉදිකිරීම් ආයතන 30කට ආසන්න සංඛ්‍යාවක් සිය  කැමැත්ත පළ කළේ ය.
     
    මෙහි දී වෙළෙඳ සමුළුව ඇමතූ  විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ  පැවති යුද්ධය අවසන්වීමෙන් අනතුරුව මේ වන විට රටට සාමය උදාවී ඇති බවයි. "රටට සාමය උදාවී ගත වූ වසර 4ක් ඇතුළත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. වර්තමානයේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  වර්ධන වේගය 22% ඉක්මවා තිබීම විශේෂත්වයකි. උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු මුළු දිවයින පුරාම ඉදිකිරීම් සිදුවෙනවා. මෙම සාමකාමී වාතාවරණය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ට වත්මන් ජනාධිපතිතුමා හා රජය ඕනෑම වෙලාවක සහයෝගය ලබාදෙන්න සූදානම්. දැනටමත් විදේශ ආයෝජකයන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. දකුණු කොරියාවේ ඉදිකිරීම් ආයතන කිහිපයක් ම වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ කටයුතු කරනවා" යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya