මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තේ තම රටවල ප්‍රචලිත කිරීමට රටවල 31කින් එයි Featured

    නොවැම්බර් 06, 2014

    වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තේ ප්‍රචාරණ කටයුතු සඳහා ලතින් ඇමරිකානු රටවල කරන ලද සංචාරයක ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව, මෙක්සිකෝව, චීලි සහ උරුගුවේ යන රටවල 31 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකා තේ, තම රටවල ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට  ශ්‍රී ලංකාවට පැමිණ පසුගියදා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.


    එම කණ්ඩායමේ ප්‍රධානත්වය උසුලන්නේ ආජන්ටිනාවේ තේ විද්‍යායතනයේ අධ්‍යක්ෂ වන දියාගෝ මොර්ලා චෙට්ටි මහතා වන අතර මොහු ලතින් ඇමරිකානු රටවල සහ ශ්‍රී ලංකාවේ තේ ප්‍රචාරණය පිළිබඳ ව ගෞරවනීය තානාපති ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මීට ඉහත දී පත් කරන ලදී.

    ලතින් ඇමරිකානු දූත කණ්ඩායම පිළිගත් අමාත්‍යතුමා ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ ව මෙන් ම ආර්ථික හා සමාජයීය තත්ත්වය විශේෂයෙන් ම තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී උවදුර මැඬලමින් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණයන් දූත පිරිසට පැහැදිලි කර දුන්නේය. දැනට අප රටේ ආර්ථික වර්ධනය 8%ක් වී ඇති අතර සංචාරක වර්ධනය 300%කින් වර්ධනය වෙමින් ඇති බව ද යටිතල පහසුකම් සහ අනෙකුත් කටයුතු ඉතාමත් ශීඝ්‍රයෙන් පවතින බවත් දුත පිරිසට පෙන්වා දුන්නේය. තේ කර්මාන්තය ගැන ද සාකච්ඡා කළ අමාත්‍යතුමා ලෝකයේ අනර්ඝම තේ නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බවත් කිසි ම හේතුවක් මත තේවල ගුණාත්මක බව අඩු නොකරන බවත් මේ නිසා ලෝකයේ අනෙක් තේ නිපදවන රටවලට වඩා ඩොලර් 2කට වඩා වැඩි මිලක් ශ්‍රී ලංකා තේවලට ලැබෙන බවත් පැහැදිලි කළේය.

    ශ්‍රී ලංකාවේ තේ තම රටවල හැකිතාක් ප්‍රචලිත කරන මෙන් ද ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඔවුන්ගේ රටවල ජනතාව උනන්දු කරන මෙන් ද  අමාත්‍යතුමා ඉල්ලා සිටියේය. ඒ ඒ රටවලින් පැමිණි කණ්ඩායම් නියෝජනය කරමින් නියෝජිතයන් අදහස් දැක්වූ අතර ඔවුන් සියලු දෙනා ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සංවර්ධනය සහ  විශේෂ සුන්දරත්වය අගය කොට සලකන ලදී. එමෙන් ම අමාත්‍යතුමාගේ වැඩපිළිවෙළ බෙහෙවින් අගය කරන බව ප්‍රකාශ කළහ. එමෙන් ම තම රටවල තේ ප්‍රචලිත කිරීමට හැකි අයුරින් ක්‍රියාත්මක කරන බවට ද පොරොන්දු වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya