මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපන‍යේ යුදපිටි අද වතුපිටි බවට පත්වෙලා - ජනාධිපති ලේකම්

    නොවැම්බර් 06, 2014
    එදා රටේ පැවැති තත්ත්වය අද සමහරුන්ට අමතක වී ඇති බවත් යාපනය පැත්තේ යුදපිටි අද වතුපිටි බවට පත් ව එම ජනතාවගේ අතේ ඇත්තේ අද ජංගම දුරකතන, අයිෆෝන්, අයිපෑඩ් වගේ දේවල් බවත් ජනාධිපති ලලිත් වීරතුංග මහතා පැවසී ය.
     
    පසුගියදා සේවා නියුක්තිකයන්ගේ‍ බාර අරමුදල් මණ්ඩලයේ කොළඹ පැවැති උත්සවය අමතමින් ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා මේ බව පැවසී ය.
     
    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට අගමැති වශයෙන් කටයුතු කරද්දී තොරතුරු සන්නිවේදන තාක්ෂණය රටේ සංවර්ධනයට මොන තරම් වැදගත් ද යන්න කියන එක ගැන එතුමාට පුළුල් අවබෝධයක් තිබුණා. ඒ මත තමයි එතුමා 2005 වසරේදී නැණසල ව්‍යාපෘතිය අරම්භ කළේ . මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව එදා තිබුණේ 3% ක මට්ටමේ . අද එය 50% ඉක්මවා ගොස් තිබෙන බවත් නැණසල ආයතනය වගේ ම මෙරටට තොරතුරු සන්නිවේදන තාක්ෂණය මත පදනම් ව රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගේන්න ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය නිහඬව විශාල වැඩ කොටසක් කරමින් සිටී. අපේ අරමුණ වී තිබෙන්නේ ජනතාව කාර්යාල වෙත නොගෙන්වා ඔවුන්ගේ කටයුතු කර දෙන්න යැයි ද ලලිත් වීරතුංග මහතා පැවසී ය.
     
    අද අපි කි‍්‍රයාවට නංවන දෙයත් එවැන්නක්. අද රටේ සෑම පැත්තෙන් ම විශාල පිබිඳීමක් ඇති වී තිබෙනවා. අති බිහිසුණු යුද්ධය නිමා කර රටට සාමය උදා කරන්න ජනාධිපතිතුමාට හැකි වුණා. අද සමහරුන්ට එදා රටේ පැවැති තත්ත්වය අමතක වෙලා. එදා යාපනය පැත්තෙ යුදපිටි අද වතුපිටි බවට පත්වෙලා තිබෙන අයුරු පසුගියදා යාල් දේවී දුම්රියෙන් යාපනයට යන විට අප සියැසින් දුටුවා. මේ බව ජනාධිපතිතුමා ඒ ගමනට සහභාගී වී සිටි විදේශිය නියෝජතියන්ට පවා සිහිපත් කළා. එදා දුම්රිය මාර්ගය දෙපස සිටි සෑම කෙනෙක් අත ම පාහේ ජංගම දුරකතනයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි සමහර අය අත අයිෆෝන්, අයිපෑඩ් වගේ දේවලුත් තිබුණා. අද ඒ ජනතාවගේ ජීවිත වෙනස් වෙලා තිබෙන්නේ එහෙමයි යන්නෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ලලිත් වීරතුංග මහතා පැවසී ය.
     
    සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලේ සාමාජිකයින්ට ඔවුන්ගේ අරමුදල් දැනගැනීම සහ අරමුදලේ හිමිකම් ඉල්ලුම් කිරීමේ ඉල්ලුම්පත‍්‍රවල තත්ත්වය ඉ - සේවාවක් වශයෙන් ලබා ගැනීමේ පහසුකම් ජනගත කිරීම නිමිත්තෙන් ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය ඒකාබද්ධව මෙම ඉ- සේවාව කි‍්‍රයාවට නංවා තිබේ. එම සේවාවන් ජංගම දුරකතනය ඔස්සේ කෙටි පණිවිඩයක් වශයෙන් ලබා ගත හැකි බව ද නියෝජිතායතනය දැනුම් දුන්නේ ය.
     
    NDH/priu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya