මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැයෙන් අලුතින් රාජ්‍ය සේවයට ලක්ෂයක පිරිසක්

    නොවැම්බර් 05, 2014
    2015 අයවැය හරහා අලුතින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයට ඇතුළත් වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසී ය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.
    ඒ අනුව උසස් පෙළ සමත් 50,000ක් ගුරු සහාකයකවරු වශයෙන් ද, 50,000ක පිරිසක් පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා බඳවාගැනීමට කටයුතු කරන අතර 20,000කට අධික පිරිසක් දින 180 සම්පූර්ණවීමෙන් ස්ථීරභාවයට පත් කිරීමෙනුත් මෙම පිරිස අලුතින් රාජ්‍ය සේවයට එක් වේ.
     
    2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීමත් සමඟ 2006 වසරේ සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම ආරම්භ වූ බවත් අඩු ම තරමින් ජීවන වියදම් දීමනාව හෝ වැඩිකිරීමට වත්මන් රජය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
     
    2015 අයවැය හරහා රාජ්‍ය සේවකයෙකුගේ අවම වැටුප රුපියල් 25000ක් බවට පත් වෙන බවත් ඒ හා සමානව ම සෙසු දීමනාවන් ද වැඩීවන බවත් කී අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 3.5ක් ව පැවැති අග්‍රහාර දීමනාව ලක්ෂ 5දක්වා වැඩි කොට ඇති බවත් කීය.
     
    පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූවන් සඳහා ගෙවනු ලබන මාසික ශිෂ්‍යත්ව මුදල රුපියල් 500 සිට රුපියල් 1500ක් දක්වා වැඩි කොට ඇති අතර 2015 වසරේ සිට මෙම මුදල රාජ්‍ය සේවකයන්ගේ දරුවන් සඳහා ද වලංගු වේ. 
     
    සියලු වැටුප් වැඩිවීම් ගණනය කිරීමෙන් අනතුරුව නැවත සකස් කිරීමට කාලයක් අවශ්‍ය බවත් එම සියලු වැඩි කිරීම් 2015 ජුලි මස 01දා සිට ක්‍රියාත්මක වන බවත් මෙහි දී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
     
    DB/KA
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya