මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි තොගයක් හා සපත්තු තොගයක් රේගුව අත්අඩංගුවට ගනී

    නොවැම්බර් 05, 2014

    නීතිවිරෝධී ව බදු ගෙවීම පැහැර හරිමින් මෙරට ට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් හා සපත්තු තොගයක් අද  (05) රේගු භාරයට ගෙන තිබේ.


    මගීන්ගේ ගමන් භාණ්ඩ ලෙස සඳහන් කරමින් පසුගිය සැප්තැම්බර් 15 වෙනි දින ඩුබායි හි සිට මේවා ගෙනවිත් තිබේ. දුම්වැටි 347,200ක් රේගුව අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් 832,000ක් වටිනා පිරිමි සපත්තු ජෝඩු 832ක් රුපියල් මිලියනයකට වඩා වටිනා ළමා සපත්තු ජෝඩු 2,080ක් මේ සමඟ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

    වත්තල, කින්නියා හා අරණායක ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු මෙම නීතිවිරෝධී භාණ්ඩ සමඟ රේගු අත්අඩංගුවට ගෙන ඇත.

    රේගු පරීක්ෂණයෙන් පසු ව මෙම පුද්ගලයන්ට දඩ මුදල් වශයෙන් රුපියල් 21,786,600ක් නියම කර ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya