කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
මඩකළපුවට ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.
කොළඹට ගාල්ලට නුවරඑළියට මහනුවරට රත්නපුරයට වැසි වාර කිහිපයක් ඇති වේ.
අනුරාධපුරයට යාපනයට මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
ඊයේ රාත්‍රී 11.30 වනවිට මි.මී. 21.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 5.2ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද වාර්තා වී තිබේ.
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.°C අනුරාධපුර, මඩකළපුව, ත්‍රීකුණාමලය, ගාල්ල සහ රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.5°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 86.0ක උපරිම වර්ෂාපතනය ගාල්ල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC