මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව නව ප්‍රවණතා කේන්ද්‍ර කොටගත් නිපුණතා සහිත අධ්‍යාපනයකට රට පෙළගැසෙමින් පවතිනවා Featured

    නොවැම්බර් 05, 2014

    ලොව නව ප්‍රවණතාව කේන්ද්‍ර කොටගෙන තොරතුරු තාක්ෂණය, විදේශ භාෂා, ගණිතය, විද්‍යාව ඇතුළු බාහිර ක්‍රියාකාරකම් ඇතුළු නිපුණතා සහිත අධ්‍යාපනයකට රට පෙළගැසෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    කොළඹ නාලන්ද විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) පැවති අතර එහිදී අමාත්‍යතුමා මේ බව සදහන් කළේය.

    විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන්ගේ දක්ෂතා ඇගයීමකින් තොරව පන්තියෙන් පන්තියට ක්‍රමක්‍රමයෙන් ගොස් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් එහිදී නාගරික දරුවන් හා ගමේ අති දක්ෂ දරුවන් කිහිප දෙනා හැර ග්‍රාමීය අතිමහත් දරුවන්ගේ ජීවිත කඩා වැටෙන බවත් අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    ගමේ දරුවා ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, නව නිපයුම්කරුවෙක්, ගණිතඥයෙක්, ගුවන් නියමුවෙක්, ව්‍යවසායකයෙක් බවට පත් කරනවා වෙනුවට වරප්‍රසාද ලත් පිරිසකට සීමා වූ අධ්‍යාපනයක් ඇති වූ බව අමාත්‍යතුමා සඳහන් කළේය.

    ජපානය, චීනය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවලට උරුම නො වූ අධ්‍යාපනයක් ඉතිහාසයෙන් අපට උරුම නොවීම හේතුවෙන් අධ්‍යාපනයේ 4 වැනි හැරවුමක් අවශ්‍ය වූ බව අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya