මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික නෞකා "සමුදුර" නාවික අභ්‍යාසයක Featured

    නොවැම්බර් 05, 2014
    දොළොස්වැනි දෝස්ති ඒකාබද්ධ වෙරළාරක්ෂක නාවික අභ්‍යාසය (DOSTI - XII) පසුගිය දින හතරක් පුරාවට මාල දිවයින් නුදුරු මුහුදේ දී පැවැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාවක් වන "සමුදුර" නෞකාව සහභාගි විය. 
     
    මෙම ඒකාබද්ධ වෙරළාරක්ෂක නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකාවට අමතර ව ඉන්දියාව සහ මාල දිවයින් රටවල නාවික කණ්ඩායම් සහභාගි වූහ.
     
    සමුද්‍රීය ගවේෂණ හා මුදාගැනීම්, මානුෂික මෙහෙයුම් හා සමුද්‍රික දූෂණ වැළකීම, ව්‍යවසන අවස්ථාවන්හි සහන සැලසීම සහ මුහුදු කොල්ලකෑම් වැළැක්වීම වැනි කරුණු මෙවර නාවික අභ්‍යාසයට මූලික කරගෙන ඇත.
     
    නෞකාවක් කණ්ඩායමක් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස, වෙඩි තැබීමේ අභ්‍යාස, හෙලිකොප්ටර් යානයක් මගින් මුහුදේ දී භාණ්ඩ හා පුද්ගලයන් හුවමාරු කිරීම ආදි නාවික අභ්‍යාසයන් ද මෙහිදී සිදු කොට ඇත.
     
    කපිතාන් වයි.එම්.බී. ජයතිලක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සමුදුර නෞකාව සහභාගි වූ නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
    02 Front
     
     
    07

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya