මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිත්තරවලට සහතික මිලක් Featured

    නොවැම්බර් 05, 2014
    බිත්තරයක් සඳහා රුපියල් 11.50ක සහතික මිලක් අද (05) සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යංශය  තීරණය කොට තිබේ. 
     
    ඒ අනුව මෙතෙක් විවිධ මිල ගණන් යටතේ පැවති බිත්තරයක මිල අද සිට රුපියල් 11.50ක සහතික මිලක් නියම කෙරේ. මෙරට නිෂ්පාදිත බිත්තර තොග ලක් සතොස මගින් මිලදී ගැනීමට ද තීරණය වී තිබේ. 
     
    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර, වයඹ පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන්  සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් අතර ඊයේ (04)  මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගැනිණි. 
     
    මීට පෙර අවස්ථාවලද කුකුළු නිෂ්පාදකයන්ගේ ගැටලු සම්බන්ධව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ  ඛනිජතෙල් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරුන් ද සාකච්ඡා කර ඇත. 
     
    මීට අමතරව බිත්තර හා කුකුල් නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථාන කොළඹ හා තදාසන්න නගරවල ආරම්භ කිරීමටත් බිත්තර හා කුකුල් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන එම මධ්‍යස්ථානවලට  ඍජුවම සැපයීමටත් අවස්ථාව සලසා දීමට මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.  
     
    ඒ අනුව මෙම සහතික  මිල ගණන් යටතේ ලක් සතොස සඳහා මිලදී ගනු ලබන ලොරි රථ දහයකින් සමන්විත පළමු බිත්තර තොගය අද (05) හෙට්ටිපොළ දී කොළඹ ලක් සතොස මුලස්ථානය බලා පිටත්වීමට නියමිතය. 
     
    දැනට බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය බිත්තර පිටි විදේශ රටවලින් අධික මිල ගණන් යටතේ ආනයනය කරන බැවින් බිත්තර පිටි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කර්මාන්ත ශාලා මෙරට ඇති කිරීමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරන බව පී.බී. ජයසුන්දර මහතා ඉහත සාකච්ඡාවේදී පැවසීය. ඒ අනුව කිකිළි බිත්තර නිෂ්පාදකයන් එම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට ලේකම්වරයාට එකඟතාව පළකර තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya