අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට තුන්වරක් ඡන්දය ඉල්ලීමට බැරි යැයි කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි

    නොවැම්බර් 04, 2014
    2010 වසරේ  ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වූ බවත් එම වසරේ ම 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව නොවැම්බර් මාසයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දුන් බවත් එබැවින් තුන්වැනි වරට ජනාධිපතිවරණයක් සඳහා වත්මන් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය නොහැකි යැයි ප්‍රකාශ කළ නොහැකි යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිණි.
     
    අර්ථ නිරූපණ ආඥා පනතේ 6.3 වගන්තිය යටතේ ආරෝපණය වන්නේ නීතියට පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රීතිවලට එය ආදාළ නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයත් වන්නේ රීති කොටසකට බවත් පෙන්වා දුන්නේ ය.
     
    ඒ බැවින් කිසිවෙකුට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තුන්වරක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉල්ලිය නොහැකි යැයි තර්ක කළ නොහැකි බවත් මේ වසරේ නොවැම්බර් 19න් පසුව ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ව්‍යවස්ථානුකූල අයිතියක් ජනාධිපතිවරයා සතු වන බවත් එය පැවැත්වීම පිළිබඳ ව තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් යැයි ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya