සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආධාර ප්‍රතික්ෂේප කිරීමට තරම් අපේ ආර්ථිකය ශක්තිමත්

    නොවැම්බර් 04, 2014
    පසුගිය දින සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව වෙත ආධාර ලබාදීමට කැමැත්ත පළ කළ ද එම ආධාර ප්‍රතික්ෂේප කළ බවත් එසේ විදේශ ආධාර ප්‍රතික්ෂේප කිරීමට තරම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති 
    ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මේ වන විට රටවල් 43ක් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව ලබාදීමට පියවරගෙන තිබෙනවා. පසුගිය වසරේ දී 40ක් ඒ සඳහා පැමිණ තිබෙනවා. ඉදිරියේ දී එම ප්‍රමාණය තවත් වැඩිවේවි. 
     
    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික වර්ධනය දරාගන්නට බැරි නිසා හිතාමතා සංඛ්‍යාලේඛන වැරදි බව ප්‍රකාශ කරනවා. එය ආර්ථික විද්‍යාව නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමක්. ශ්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැනි ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයා වෙත පැහැදිලි අදහසක් ලබාදෙන රාජ්‍ය ආයතන. ඒවාට විරුද්ධ ව කටයුතු කරනවා කියන එක ජාතිද්‍රෝහි ක්‍රියාවක්.  
     
    අයවැය හිඟය මිලියන 521යි. ඇමෙරිකන් ඩොලර් මිලියන 06ක විදේශ සංචිත අප සතුයි. ඒ නිසා අයවැය හිඟය පියවාගැනීමට කිසිවෙකුගෙන් හෝ ණය ලබාගැනීමට අවශ්‍ය නො වේ. 
     
    2015 අය-වැය හරහා විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන ණය බරින් නිදහස් කොට ඇති බවත් පෙන්වා දුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ නිසා ලංකාවේ බැංකුවල ණය අර්බුදයකට මුහුණ දී ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    2014 පළමු මාස 06ක කාලය තුළ මැදිකාලීන ආර්ථික වාර්තා අනුව ආර්ථික සංවර්ධන වේගය 7.7%ක්, ආයෝජන 30.1%ක්, අපනයන 14.8%ක්, සේවා ආදායම 49.9%ක්, ප්‍රවාහන 16.5%, පරිගණක හා තොරතුරු තාක්ෂණ 13.7%කින් වර්ධනය වී ඇති බවත් අපනයන ආදායම වැඩිවීම හරහා ගෙවුම් ශේෂ අතිරික්තයක් ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ලංකාව තුළ පවතින 103ක් වන ගංගා ජලයෙන් 80%ක් මහ මුදලට ගලා යනවා. ඉන් 40%ක් තරම් සුළු ප්‍රමාණයක් පමණයි අපි ප්‍රයෝජනයට ගනු ලබන්නේ. 
     
    මත්තල ගුවන් තොටුපළ ඇතුළු වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතින් සාර්ථක නොවන බවත් විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ ද 2002 වසරේ දී විපක්ෂය විසින් මත්තලට මදක් නුදුරින් ගුවන් තොටුපොළක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබූ අතර 1970 වසරේ දී නෙවිල් කරුණාතිලක මහතා විසින් වරායක් ඉදිකිරීමට හම්බන්තොට ප්‍රදේශය ඉතා සුදුසු බව පෙන්වා දී ඇති බවත් කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් එවකට පැවැති ආණ්ඩුව විසින් ආරාධනා පත්‍ර පවා නිකුත් කළ බවත් ඉන් ආරාධනා පත්‍රයක් තමන් වෙත ද ලැබුණු බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර සිටියේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya