අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංඥා බලකායේ දිවි පිදූවන් වෙනුවෙන් රණ විරු ස්මාරකයක්

    නොවැම්බර් 04, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ප්‍රමුඛ පෙළේ අගනා මෙහෙයක් ඉටුකර දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත රණ විරුවන් 272ක් සිහි ගන්වමින් ඉදිකළ රණ විරු ස්මාරකයක් පනාගොඩ පිහිටි සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී විවෘත කෙරිණි.


    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම රණ විරු ස්මාරකය විවෘත කළේය.

    මෙයට සමගාමී ව සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ පසු දින මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමීමේ පිංකමක් ද පැවැත්වීය.

    යුද හමුදාපතිතුමා රණ විරු ස්මාරකය විවෘත කරමින් ඊට මල් කලඹක් තැන්පත් කොට පුෂ්පෝපහාර දැක්වීය.

    මෙම අවස්ථාවේ දී යුද හමුදාපතිතුමා හට ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ද පැවැත් වූ අතර, මෙම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගී වූහ. එහි දී යුද හමුදාපතිතුමා උත්සව අවස්ථාව අමතමින් අනාගත ලෝකයේ තාක්ෂණික සන්නිවේදනය සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව ද කරුණු අවධාරණය කළේය.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya