අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආසන්නයේ ඊසාන දෙසින් වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් Featured

    නොවැම්බර් 04, 2014

    ඊයේ රාත්‍රියේ සිට අද (04) උදෑසන දක්වා කාලයේ දිවයින ආසන්නයේ ඊසාන දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට ඉතා තද වැසි ද (මිලී මීටර් 150කට වඩා) සමඟ දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    අද අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට සහ මන්නාරමට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    කොළඹට ගාල්ලට උදෑසන වැසි සහ සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    නුවරඑළියට මහනුවරට රත්නපුරයට විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ රාත්‍රී 8.30 වනවිට මි.මී. 21.5ක වර්ෂාපතනයක් ත්‍රීකුණාමලයෙන් ද මි.මී. 22.0ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 9.1ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 14.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 13.2ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 10.8ක වර්ෂාපතනයක් මන්නාරමින් ද මි.මී. 11.5ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 15.9ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 19.3ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 18.2ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.°C මඩකළපුව, ගාල්ල, ත්‍රීකුණාමලය, මන්නාරම සහ රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
     

    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.6°C පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9°C නුවරඑළියෙන් ද මි.මී. 98.7ක උපරිම වර්ෂාපතනය කුරුණෑගල හින්දාව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya