අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේරැස් ගඟ ව්‍යාපෘතියෙන් නිවස අහිමි වූ අසරණ පවුලකට නව නිවසක්

    නොවැම්බර් 03, 2014

    ඊයේ (02) බොරලැස්ගමුව දිවුල්පිටියේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී වේරැස් ගඟ ව්‍යාපෘතිය නිසා සිය නිවස අහිමි ව සිටි අසරණ පවුලකට නව නිවසක් පරිත්‍යාග කෙරිණි.


    මෙහි නිවාසලාභියා වූයේ දරු දෙදෙනෙකුගේ මවක වන වැන්දඹු කාන්තාවකි. සැමියා නොමැති නිසාවෙන් මුළු පවුලේ ම බර කරට ගෙන මෙම පවුල නඩත්තු කරන ලද ඇය වේරස් ගඟ සංවර්ධන ව්‍යාපෘතියට අයත්වන ප්‍රදේශයේ අර්ධ වශයෙන් නිමවන ලද නිවසක සිය දරු දෙදෙ‍නාද සමඟින් ජීවත් වූහ. ඇය වෙනුවෙන් නිමවන ලද මෙම නව නිවස ඉදිකිරීම සදහා ආරක්ෂක ලේකම්තුමාගේ මගපෙන්වීම මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය විසින් මුල්‍ය දායකත්වය ලබා දෙන ලදී.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ ප්‍රමාණවත් ලෙස ක්‍රමානුකූල ජලය බැසයාමේ කාණු පද්ධතියේ මදිකම, එය නිසියාකාරව නඩත්තු නොවීම, ඇළ මාර්ග දෙපස ඉදිකරන ලද අනවසර ඉදිකිරීම්, ඝන අපද්‍රව්‍ය ඇළ මාර්ගයට දැමීම හා අනවසරයෙන් පහත්බිම් ගොඩකිරීම හේතුවෙන් ප්‍රදේශයේ නිරතුරුව ම ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීමය. එසේම මෙම වේරැස් ගඟ ව්‍යාපෘතිය මඟින් දැනට සිදුකෙරෙන සංවර්ධනයට අමතරව මෙම ප්‍රදේශයේ නිවැසියන් වෙත හරිතවත් හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ද නිර්මාණය කෙරේ.

    මෙම අවස්ථාව සඳහා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතා ද සහභාගී විය.

    NDH/defence.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya