අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය 5වන දා

    නොවැම්බර් 03, 2014

    දේශීය තොරතුරු තාක්‍ෂණ මෘදුකාංග අන්තර්ගතයන් හා නිමැයුම් ජාතික වශයෙන් අගය කිරීම වස් පැවැත්වෙන ඉ - ස්වාභිමානී 2014 ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය  මෙම නොවැම්බර් 5 දා  කොළඹ දී පැවැත්වේ.


    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින්  මෙම සම්මාන ප්‍රදානෝත්සවය පස් වන වරටත්  සංවිධානය කරනු ලබයි.


     විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරු 6.00ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සම්මාන ප්‍රදානය ඇරඹේ.


     ඉ - ස්වාභිමානී 2014 ඉ- සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සඳහා නාම යෝජනා දෙසියපණහකට ආසන්න ප්‍රමාණයක් මෙවර  ලැබී  ඇත.



    ඉ - රාජ්‍ය  හා ආයතනයන්, ඉ - අධ්‍යපන හා ඉගෙනුම්, ඉ - සංස්කෘතිය හා උරුමය, ඉ - වාණිජ්‍ය හා ව්‍යාපාර, ඉ- සෞඛ්‍ය හා පරිසරය, ඉ- විනෝදාංග හා ක්‍රීඩා,  ඉ- විද්‍යා හා තාක්ෂණ, ඉ- අන්තර්ග්‍රහණය හා සහභාගිත්වය, ජංගම අන්තර්ගතයන් ( m-අන්තර්ගතයන්) යන ක්‍ෂේත්‍ර යටතේ මෙම සම්මාන පිරිනැමේ.


    මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණකරුවන්ට  ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදා වේ.www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳ වැඩිවිස්තර දැනගත හැකිවේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya