මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාව දුරුකළා

    නොවැම්බර් 03, 2014
    2015 අයවැය යෝජනාව හරහා රාජ්‍ය සේවයේ පැවැති විශ්‍රාම වැටුප් විෂමතාව දුර කිරීමට හැකි වූ බවත් ඒ අනුව සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2015 වැටුපට සමාන කොට ඇති බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    අවිධිමත් අංශවල ලක්ෂ ගාණක පිරිසක් කිසිවෙකුගේ නෙත නොගැටී සේවය කළ බවත් ඔවුන්ට ද අවම වැටුපක් මෙම අයවැය යෝජනාවලිය හරහා යෝජනා වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවර අයවැය හරහා කතා නොකළ කිසිදු අංශයක් නොමැති තරම් බවත් පෙන්වා දුන්නේ ය.
     
    "මෙවර අයවැයෙන් සියලු ම අංශවල සුවිසල් වෙනසක් සිදු කොට ඇත. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 10ක ප්‍රමාණයක් දක්වා වැඩිකොට තිබෙනවා. උද්ධමන වේගය පාලනය කර ගත හැකි ව තිබෙනවා. මෙය ආසියානු රාජ්‍යයක් ලෙස අප ලැබූ විශාල ජයග්‍රහණයක්". 
     
    "මෙවර අයවැය අසාර්ථක අයවැයක් බව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි. සියලු පැතිකඩයන් දෙස තුලනාත්මක ව බැලීමෙන් අනතුරුව මෙවර අයවැය සකස් කොට තිබෙනවා. මෙතරම් සහන ප්‍රමාණයක් ලබාදිය හැක්කේ දේශපාලන ස්ථාවරය නිසායි. දීර්ඝකාලීන ත්‍රස්තවාදයක් නිමා කොට ඉතා සුළු කාලයක් තුළ ‍මෙවැනි සංවර්ධනයක් රට තුළ ඇති කළ හැකි වූයේ ද දේශාපලනයේ පවතින ස්ථාවරය නිසා ය". 
     
    ශ්‍රී ලංකාවේ නිදහස් ස්වාධීන මැතිවරණ ක්‍රමයක් පවතින බවත් මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ සම්බන්ධයෙන් සියලු බලතල හා මැතිවරණ නීතිය අනුව සියලු කටයුතු සිදුකරන බවත් මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසී ය. 
     
    අතීතයේ දී පැවැති මැතිවරණ ක්‍රියාවලිය හා සැසදීමේ දී වර්තමානයේ ඉතා යහපත් මැතිවරණ ක්‍රමයක් පවතින බව මනාව පැහැදිලි වන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya